― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපරිගණක අපරාධ ඉහළට

පරිගණක අපරාධ ඉහළට

මේ දිනවල ජංගම දුරකථන යෙදවුම් හරහා සිදුවන පරිගණක අපරාධ වැඩි වශයෙන් වාර්තා වන බව පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ කාන්තා සහකාර පොලිස් අධිකාරී (ළමා හා කාන්තා හිංසන) චන්දිමා අරුමප්පෙරුම පැවසීය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ තරුණ පරපුර වැඩි වශයෙන් වට්ස්අප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි ජංගම දුරකථන යෙදවුම් භාවිත කිරීම එයට හේතු වී ඇතැයි සැක කරන බවයි.

පෙම්වතුන් හා පෙම්වතියන් අතර විරසකවීම් හේතු කොටගෙන පළිගැනීමේ චේතනාවෙන් සිදු කරන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම්, ඡායාරූප පෙන්වා බියවද්දා තර්ජනය කිරීම් හා කප්පම් ඉල්ලීම්, කාන්තාවන්ගේ ඡායාරූප සංස්කරණය කර දැන්වීම් නිර්මාණය කර පළ කිරීම්, මුදල් ගැනීමේ අරමුණින් දැරියන්ගේ හා තරුණියන්ගේ ඡායාරූප වට්ස්අප් ඔස්සේ අලෙවි කිරීම, සංවිධානාත්මක අපරාධයන්හිදී තොරතුරු හුවමාරු කිරීමේදී භාවිත කිරීම් ආදී අපරාධ රැසක් මෙලෙස පරිගණක අපරාධ විමර්ශන ඒකකයට වාර්තා වී ඇති බවයි ඇය සඳහන් කළේ.

ඇය අවධාරණය කරන්නේ තම පෞද්ගලික ජීවිතයට හානි කර අන්දමින් ඡායාරූප හා වීඩියෝ අන්සතු කිරීමට පෙර එහි ඇති අවදානම ගැන සැලකිලිමත් විය හැකි නම් පරිගණක අපරාධ අවම කර ගත හැකි බවයි.