27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදු දැලෙන් රිංගන අයට දෙසැම්බරයේ විද්‍යුත් වැටක්

බදු දැලෙන් රිංගන අයට දෙසැම්බරයේ විද්‍යුත් වැටක්

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙම තොරතුරු පද්ධතිය රැම්ස් (random access management information system) ලෙස නම් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙයි. බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වෙයි.

මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.

ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන් ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කරන්නට ද අවස්ථාව ලැබෙයි.