― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅයගම කතක් අනියම් සැමියා අතින් මැරුම් කයි

අයගම කතක් අනියම් සැමියා අතින් මැරුම් කයි

අයගම ප්‍රදේශයේදී මොට ආයුධයකින් පහර දී කාන්තාවක් ඊයේ (29) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අයගම, වත්තඉන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තනූජා හිමාලි අත්තනායක නැමැති 45 හැවිරිදි තැනැත්තියක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි අයගම පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැකකරු 2016 වර්ෂයේ සිට එකම නිවසක නීත්‍යානුකූලව විවාහ නොවී ජීවත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් දෙදෙනා මීට පර විවාහ වී සිටි අය බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය කාලයේ දෙදෙනා අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව ඇති අතර ඒ හේතුවෙන් අදාල කාන්තාව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ඇය යළි එම ප්‍රදේශයට පැමිණ අවස්ථාවේ දී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.