25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.