24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

කිඹිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් වැටලීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (29) සීගිරිය පොලිස් වසමේ, කිඹිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය වටලා ඇත්තේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 612 ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 571 ක් හා ඩිජිටල් තරාදියක් හා ජාවාරමෙන් උපයාගත් රුපියල් 172,000.00 ක මුදලක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු සීගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.