― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගාසා තීරයේ රෝහලක් හිස් කරන්නැයි අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ රෝහලක් හිස් කරන්නැයි අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබේ.

පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය ළදරුවන් සිටින බැවින් ඔවුන්ව ඉවත් කරගැනීම නොහැකි කාර්යයක් බවයි.

එමෙන්ම එම රෝහලේ සහ ඒ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන් 14,000 ක් පමණ රැඳී සිටින බවයි ඔවුන් පවසන්නේ.