27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැදුරු ඔයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ

දැදුරු ඔයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව දැදුරු ඔය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

ඉන් තත්පරයකට ඝන අඩි 14,000 ක ජල ධාරිතාවක් නිකුත් කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ දැදුරුඔය පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.