― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදීප ව්‍යාප්ත රජයේ සේවකයින් අද උද්ඝෝෂණයක

දීප ව්‍යාප්ත රජයේ සේවකයින් අද උද්ඝෝෂණයක

දීප ව්‍යාප්ත රජයේ සේවකයින් අද (30) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

මේ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වී ඇති බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පැවසුවේ.

ඒ අනුව අද දහවල් 12ට දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් නොවැම්බර් 13 වැනිදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවසීය.