26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුෂ්මන්ත චමීර අද පිටියට

දුෂ්මන්ත චමීර අද පිටියට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය අද (30) ඇෆ්ගනිස්ථානය සමඟ පූනේ හිදී පැවැත්වෙනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිළේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

තරගයට පෙර පූනේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අද තරගයේ දී ද වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කරන කණ්ඩායම කවුරුන් ද යන්න අද දිනයේ තණතීරුව පරීක්ෂා කර බලා තීරණය කරන බවයි නවීඩ් නවාස් පවසා සිටියේ.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට කැඳවා සිටි දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවනු ලැබුවා.

ඒ සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය හිමිවූ බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.