30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙට්‍රල් වත්කර යාචකයෙකු ගිනි තබා ඝාතනය කරලා

පෙට්‍රල් වත්කර යාචකයෙකු ගිනි තබා ඝාතනය කරලා

හෝමාගම මූලික රෝහල අසල පිහිටි රසායනාගාරයක් ඉදිරිපිට සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ යාචකයා රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටිය දී සැකකරු විසින් ඊයේ (29) රාත්‍රියේ පෙට්‍රල් වත්කර මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.

ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ යාචකයා අසල්වාසීන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයක් බවයි හෝමාගම පොලිසිය සඳහන් කළේ. අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඉදිරි විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම පොලිසිය සඳහන් කළා.