26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙම්වතියගෙන් අසැබි ඡායාරුප ඉල්ලූ සෙබළා අත්අඩංගුවට

පෙම්වතියගෙන් අසැබි ඡායාරුප ඉල්ලූ සෙබළා අත්අඩංගුවට

ෆේස්බුක් හරහා හදුනාගත් තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වට්සැප් මාර්ගයෙන් ගෙන්වාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වමින් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම සෙබළා ෆේස්බුක් හරහා හදුනාගත් අවුරුදු 16ක පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම සැකකාර සෙබළා විසින් තම පෙම්වතියගෙන් ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වමින් රුපියල් 50,000 මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන චෝදනාවට තරුණ යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා උතුරේ යුද හමුදා කදවුරක රාජකාරි කරන 21 හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.