29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුදල් වංචාවකට පොහොට්ටුවේ හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට

මුදල් වංචාවකට පොහොට්ටුවේ හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට

කොරියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් තිස්තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නියාගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සාමාජික (ශ්‍රී.පො.ජ.පෙ) හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි ව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකකදී වින්දිත පාර්ශ්වයෙන් සැකකාර හිටපු පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මුදල් ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන්.

පැමිණිල්ල අනුව පොලිස් කණ්ඩායම ඊයේ බලපිටිය නගරයේ දී සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ සැකකරු අද දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති බවයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. ටී. බී. සුගතපාල ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.