32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනය වෙරළෙන් කේරළ ගංජා තොගයක් හමුවෙයි

යාපනය වෙරළෙන් කේරළ ගංජා තොගයක් හමුවෙයි

ඊයේ (29) රාත්‍රියේ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ අභිරහස් පාර්සලයක් ඇති බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගොඩගත් ගංජා තොගය වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය පරීක්ෂණ පවත්වන අතර එකී පාර්සලය පැමිණි ආකාරය පිළිබඳව විවිධ කෝණවලින් පරීක්ෂණ පවත්වනි ලබනවා.