26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ රිය අනතුරකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට

වවුනියාවේ රිය අනතුරකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට

වව්නියාව – මන්නාරම මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (29) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වව්නියාව – මන්නාරම මාර්ගයේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ග හරස් ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව – මන්නාරම පාර, කලෙයිමගල් ප්‍රදේශයට නුදුරින් පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු පියෙකි.

අදාළ මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වවුනියාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.