28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා මන්දපෝෂණය ගැන දුන් වාර්තා පිළිගන්න බෑ

ළමා මන්දපෝෂණය ගැන දුන් වාර්තා පිළිගන්න බෑ

ළමා මන්දපෝෂණය සම්බන්ධ ව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය නොවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිව තිබෙනවා.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිවම හඳුනාගෙන වාර්තාවක් ලබාදීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි.

වතුකරයේ ගර්භණී මවුවරුන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුව ම බලපාන බව ද මෙහිදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද, යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ ව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ ව අධීක්ෂණය කිරීම සඳහාත් මෙහිදී විශේෂ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ළමා මන්ද පෝෂණය සම්බන්ධ ව පවතින නිවැරදි ම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැලසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දුන්නා.