27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුසැරිය ධාවනය මැදිවියේ අයට පමණයි

සිසුසැරිය ධාවනය මැදිවියේ අයට පමණයි

මින් ඉදිරියට පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා කියා සිටියේ තරුණ වියේ පසුවන ඇතැම් රියැදුරන් වගකීම් විරහිත ලෙස රිය ධාවනය කරනු ලබන අවස්ථා පසුගිය කාලසීමාවේදී නිරීක්ෂණය වූ බැවින් දරුවන්ගේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව ලබාදී මෙම තීරණයට එළැඹි බවයි.

මේ වනවිටත් දිවයිනේ සෑම ඩිපෝ අධිකාරිවරයකුම මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් නිවැරැදි පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත රියැදුරන් සහ රිය සහායකවරුන් ඒ සඳහා යෙදවීමට උපදෙස් ලබාදී තිබේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රියැදුරන්ට නිසි පුහුණුවක් ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.