― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආනපල්ලම හතර කණුව මාර්ගය අබලන්

ආනපල්ලම හතර කණුව මාර්ගය අබලන්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනපල්ලම හතර කණුව මාර්ගය මේ දිනවල ගමන් කිරීමට නොහැකි ආකාරයෙන් අබලන් වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මාර්ගය කිලෝමීටර් දෙකක් පමණ දුරට විශාල වතුර වලවල් සහ මඩ වලවල් පවතින අතර එම නිසා මාර්ගයේ වාහනයකින් කෙසේ වෙතත් පයින් ගමන් කිරීමටද නොහැකි වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රදේශයේ පවුල් දෙසීයකට අයත් පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් මෙම මාර්ගය භාවිතයට ගන්නා අතර ඇල්ල ප්‍රදේශයට පිවිසීමට ඇති වැල්ලවායේ එකම විකල්ප මාර්ගය ද මෙම මාර්ගය බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් ද මාර්ගය අබලන් වීම දැඩිලෙස පීඩාවට පත් වී ඇති අතර හදිසි අවස්ථාවකදී ත්‍රීරෝද රථයක් පවා මාර්ගයේ ගමන් ගන්නේ ඉතාමත්ම අසීරුවෙනි.

විශාල මඩවලවල් මාර්ගය පුරා පවතින අතර එම නිසා මාර්ගය භාවිතයට ගැනීම නොහැකි ආකාරයෙන් ම විනාශ වී ඇත. වසර ගණනාවක සිට මෙම ගැටලුව පවතින අතර කඩිනමින් මෙම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.