28.4 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන නෞකාවේ මෙරට සමුද්‍රීය පර්යේෂණ අදින් අවසන්

චීන නෞකාවේ මෙරට සමුද්‍රීය පර්යේෂණ අදින් අවසන්

ෂි යෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාවේ සමුද්‍රීය පර්යේෂණ අදින් (31) අවසන් වේ.

නෞකාව කොළඹ බෙන්තර මුහුදු ප්‍රදේශයේ පර්යේෂණ කටයුතුවල නිරත වන බවයි නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් සඳහන් කළේ.

එම නෞකාව පසුගියදා ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු ආරම්භ කළ අතර ඔවුන්ට ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් පැය 48ක කාලයක් ලබා දුන්නේය.

නෞකාව ඊයේ පස්වරු 1.00 ට පමණ කොළඹ වරායෙන් දියත් කෙරුණු අතර ඊයේ පස්වරු 4.00 ට පමණ ජා ඇළට ආසන්න මුහුදේ දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා මුහුදේ සිදු කෙරන මෙම පර්යේෂණවලදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු දියවැල්වල තත්ත්වය, ඒවා මත්ස්‍යයින්ට බලපාන ආකාරය සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙන බව නාරා ආයතනය පැවසුවේ.