27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (31) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ.මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඔක්තෝම්බර් මස 18 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රකාශ කිරීම අද (31) දිනය දක්වා කල් තැබුණා.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත්, එබැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවටත් තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.