27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ - Breaking

ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – Breaking

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.

අදාළ පෙත්සම අද (31) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කරන බවයි විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසිනුයි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.