30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිවසටම පැමිණ 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්

නිවසටම පැමිණ 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්

වයස අවුරුදු 15ක පාසල් දැරියක් පැහැරගෙන යාමේ සිද්ධියක් අනුරාධපුර, හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පැහැර ගැනීමේ සිද්ධියට අදාළව කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ දැරිය පෙරේදා (29) උදෑසන පාසල් යාමට සූදානම්වන අවස්ථාවේ දී එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් නිවසට පැමිණ ඇයව පැහැරගෙන ගොස් තිබෙනවා.

දැරියගේ ඥාතීන් පවසන්නේ දැරිය පිළිබඳ කිසිඳු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකරු දැරිය පැහැරගෙන යාමෙන් පසු ඇයගේ දෙමව්පියන්ට දුරකථනයෙන් අමතා දැරිය නිදහස් කිරීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැරියගේ පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි ඉල්ලා අස්කරගන්නා ලෙසයි.

ඊට අමතරව දැරිය දෙමව්පියන් ළඟ සිටින බව පොලිසියට ප්‍රකාශ ලබා දී පොලිසියට යම්කිසි පැමිණිල්ලක් කර ඇත්තේ නම් එය ද ඉල්ලා අස්කර ගත යුතු බවට ද දන්වා තිබෙනවා.

මේ අතර දිවුල්වැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු ශාරුක් නැමැති සැකකරු කටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.