29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපිට ගමක බණට වැඩපු හිමිනමට රෝහල්ගත වෙන්නම සලකලා

පිට ගමක බණට වැඩපු හිමිනමට රෝහල්ගත වෙන්නම සලකලා

බණක් සඳහා පිට ගමකින් වැඩම කළ හිමිනමකට පහර දීමේ පුවතක් කැබිතිගොල්ලෑවෙන් වාර්තා වෙනවා.

මීට දින හතකට ඉහතදී කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් මියගිය පුද්ගලයෙකුගේ හත් දවසේ බණ දේශනාව සඳහා මියගිය පුද්ගලයාගේ බිරිද විසින් එම ප්‍රදේශය විහාරස්ථානාධිපතිට ආරාධනා කර ඇති අතර එම ස්වාමීන් වහන්සේ විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී මෙම හිමිනම පවසා ඇත්තේ මෙම මියගිය පුද්ගලයා දායක සභාවේ සාමාජිකත්වය නොවන ඇති අතර මෙම බණ දේශනාව සඳහා දඩමුදලක් වශයෙන් රුපියල් 40000 ක මුදලක් ලබා දෙන්නේ නම් පමණක් බණ දේශනාව සඳහා වැඩම කළ හැකි බවයි.

ඉන්පසු එම පුද්ගලයාගේ බිරිය විසින් තම ප්‍රදේශයට එපිට ගමේ ස්වාමීන් වහන්සේට බණ සඳහා ආරාධනා කර තිබෙනවා.

කෙසේනමුත් මෙම හිමිනම විසින් ධර්ම දේශනාව අවසන් වීමෙන් පසු නැවත විහාරස්ථානය සඳහා යාමට සූදානම් වන විට ධර්ම දේශනාව සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කළ හිමිනම ඇතුළු පිරිසක් පැමිණ මෙම හිමිනමට පහරදීමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමකින් පසු කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ නිළදාරීන් සහ කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ගම්වාසීන් සහ පොලිස් නිලධාරීන් අතරද ගැටුමක් හටගෙන තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අහසට වෙඩි තැබීමටත් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ හිමි නමවල් දෙනම සහ තවත් පුද්ගලයෙකු කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා.