ඉදිරියේදී පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හිතුමතේට ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම හේතුවෙනුයි කෘෂිකර්ම අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.