27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොර හිඟයක් නැහැ - කෘෂිකර්ම ඇමති

පොහොර හිඟයක් නැහැ – කෘෂිකර්ම ඇමති

යූරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් විසින් කරන ප්‍රකාශ කිසිඳු පොහොර හිඟයක් රට තුළ නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සැපයීම සිදුකර ඇති අතර, පොහොර කිසියම් ප්‍රදේශයකට හෝ ස්ථානයකට ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දිය හැකි බවත් ඒ අනුව එවැනි හිඟයක් පවතින්නේ නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මඟින් සහ පුද්ගලික අංශය මඟින් සැපයීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශය සඳහන් කළේ.

රජය විසින් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර මුදල් උපයෝගී කර ගනිමින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමේ හැකියාව පවතින අතර, එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක විසින් රුපියල් 9000ක මිලකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අලෙවි කරන අතර පුද්ගලික අංශය විසින් මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 8500ක් දක්වා අඩුකර තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී යූරියා හා බන්ඩි පොහොර රජය හා පුද්ගලික අංශය මඟින් සපයන අතර මඩ පොහොර පුද්ගලික අංශය මගින් සැපයීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.