බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයට කල්තොට, නවනැලිය ප්‍රදේශයෙන් පස් කන්දක් සහ ගල් කඩා වැටීම හේතුවෙන් අද (31) උදෑසන සිට එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පැවති අධික වර්ෂාවත් සමඟ මෙලෙස මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ඇති බවයි.
මේ වනවිට අවහිර වී ඇති මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස කල්තොට පොලිසිය එම මාර්ගය භාවිතකරන මහජනතාවට දැනුම් දෙනවා.



