― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර දැරියක් පැහැරගත් සැකකරු රිමාන්ඩ්

බාලවයස්කාර දැරියක් පැහැරගත් සැකකරු රිමාන්ඩ්

15 හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අද අලුයම දී අත්අඩංගුවට ගත් සැකකරුව ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු නමින් ‘ශාරුක්’ නම් අයෙකු වන බවත්, ඔහු විසින් දැරියට සහ දැරිය ව පැහැරගෙන ආ තරුණයාට රැකවරණය සලසා ඇති ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ඥාති සැකකරු එම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

සැකකරු අද අලුයම කටුකෙලියාවේදී පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර ඉන් අනතුරුව ඔහුව අද පෙරවරුවේ කහගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුවයි එම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

පෙරේදා රාත්‍රියේදී 27 හැවිරිදි තරුණයෙකු පැමිණ මෙම බාලවයස්කාර දියණිය ව නිවසට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බවටයි ඇයගේ මාපියන් විසින් දිවුල්වැව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම ශාරුක් නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගැනුණ ද, දැරිය හෝ දැරියව පැහැරගත්තා යැයි පැවසෙන 27 හැවිරිදි තරුණයා මෙතෙක් හමු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.