32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමොහු හඳුනන්නේ නම් පොලීසියට දැනුම්දෙන්න

මොහු හඳුනන්නේ නම් පොලීසියට දැනුම්දෙන්න

මීරිගම ළමා නිවාසයක පිරිමි ළමුන් දෙදෙනකු එම ළමා නිවාසයේ පාලිකාවට නොදන්වා ඉන් පිටව ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මීරිගම – අම්බන්වත්ත ළමා නිවාසයේ රැඳී සිටි පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස නොදන්වා පිටව ගොස් ඇති බවයි.

මෙලෙස ළමා නිවාසයට නොදන්වා පිටව ගිය දරුවන් දෙදෙනා ම වයස අවුරුදු 15ක් වන පිරිමි ළමුන් බවත් වාර්තා වනවා.

ඉන් එක් අයෙකුගේ නම අලුත්ගේ ඉඳුවර කාවින්ද වන අතර ඔහු උසින් අඩි 05යි අඟලක් වන කළු පැහැති සිහින් සිරුරක් ඇති කණ්ණාඩි පැළඳ සිටින අයෙක්.

දෙවැන්නා මලීෂ දිනෙත් දිල්සර වන අතර ඔහුද තලෙළු පැහැති සිහින් සිරුරක් සහිත කොණ්ඩය කොටට කැපූවෙක්.

ඔහු අවසන් වරට දකින විට හැඳ සිටියේ පාසල් නිල ඇඳුම බවට ද වාර්තා වනවා.

මීරිගම පොලිසිය සඳහන් කරන්නේ මෙම දරුවන් ගැන තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් දූරකථන අංක වෙත දැනුම්දෙන ලෙසටයි.

ඒ අනුව 071-8591625 (මීරිගම පොලිස් ස්ථානාධිපති) හෝ 033-2273222(මීරිගම පොලිස් ස්ථානය) ට හෝ දැනුම්දෙන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ.