28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැට් බද්ද 18%කින් ඉහළ දැමීමට අනුමැතිය

වැට් බද්ද 18%කින් ඉහළ දැමීමට අනුමැතිය

එකතු කළ අගය මත බද්ද සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වනු ඇති.

ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළ ගොස් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.