30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැඹිලි අපනයනයෙන් මිලියන 140ක් මෙරටට

තැඹිලි අපනයනයෙන් මිලියන 140ක් මෙරටට

2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන්ම ලංකාවේ තැඹිලිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා තිබේ.

මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් වන අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බවයි පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කළේ.