අද (01) දිනයේද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීමද මීට හේතු වී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.
සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේදීද දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු කෙරිණි.