26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමතිකම් කරනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්

ඇමතිකම් කරනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්

තමන් හැම කැපකිරීමක්ම කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බවත් අමාත්‍යංශයක් බලාගන්නවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පාසලක පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

අපේ රටේ ප්‍රශ්න 100%ක් විසඳිලා නෑ. අපි හැම කැපකිරීමක්ම කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන්. අපේ ඇමතිවරු කාටවත් කිසිම පහසුකමක් නෑ. වාහනයක් කැඩුනම අමාත්‍යංශෙන් ඒකට වියදම් කරන්න සල්ලි නෑ. අපි තනිකර පෞද්ගලික මුදලින් ඒවා හදන්නේ. හැබැයි කට්ටිය කියන්නේ අරවා දුන්නා මේවා දුන්නා කියලා. ඒවා දෙන්න ඇති ඒ කාලේ. දැන් නිකන් අමාත්‍යංශයක් බලාගන්නවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.