29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය මුදල් ඇමතිනිය දළදා මාළිගයට

ඉන්දීය මුදල් ඇමතිනිය දළදා මාළිගයට

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් දළදා මාළිගාව වැඳ පුදාගෙන තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අනතුරුව අමාත්‍යවරිය මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටු බවයි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද එක්ව සිටියා.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනුරාධපුරයේද සංචාරයක නිරත වීමට සූදානම් අතර මෙරට විහාරස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 15ක් ඉන්දියාවෙන් ලබාදී ඇතැයි ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට විහාරස්ථානවලට සූර්ය පැනල සවි කිරීමට ඩොලර් මිලියන 10ක් ඉන්දීය අගමැතිවරයාගේ උපදෙස් අනුව වෙන්කර ඇති බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පිළිගනු ලැබුවා.

මෙම සංචාරයේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වීමටද නියමිත අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සැමරීම සඳහා රජය විසින් සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය සීතාරාමන් එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඉන්දීය දේශපාලන පක්ෂවල අනෙකුත් ආරාධිතයින් සහ මැලේසියානු දෙමළ කොංග්‍රසයේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

අමාත්‍ය සීතාරාමන් සිය සංචාරයේදී ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ඉන්දීය රාජ්‍ය බැංකු ශාඛා විවෘත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

තවද මුදල් අමාත්‍ය සීතාරාමන් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම් කෝවිල සහ යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිල වෙත පැමිණීමට ද නියමිතයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර ලංකා IOC තෙල් ටැංකි, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සහ යාපනය මහජන පුස්තකාලය නැරඹීමටද නියමිතව තිබෙනවා.