― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් අණදෙන්නා ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් අණදෙන්නා ජීවිතක්ෂයට

ඊශ්‍රායලයේ ගුවන් හමුදාව එල්ල කළ ජෙට් යානා ප්‍රහාරයකින් ගාසා තීරයේ කඳවුරු අටවාගෙන සිටි හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකටද ප්‍රහාර එල්ල කළ බවයි.

එම ප්‍රහාරයෙන් පසුවයි හමාස් සංවිධානයේ ඉහළ නිලධාරීන් රැඳී සිටි කඳවුරකට ද ප්‍රහාර එල්ල කර ඇත්තේ. එහිදී නිලධාරියාට අමතරව සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීනුවන් අවම වශයෙන් 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්. තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පලස්‍තීනය පවතින රෝහල්වල කොරිඩෝ දිගේ පවා වෙන වෙනම ප්‍රතිකාර ඒකක පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා.

පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල සිවිල් වැසියන්ට ඔක්තෝබර් 07 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීම සහ ඉන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීම හේතුවෙන් ඊට පළිගැනීමක් වශයෙන් මෙම දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු පැවසුවේ ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන ජබාලියා වෙත ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ ප්‍රහාරයෙන් ඊබ්‍රාහිම් බියරි නමැති හමාස් අණදෙන නිලධාරියා මියගිය බවයි.

එමෙන්ම මෙම යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙසට මියගිය අණදෙන නිලධාරියා හැඳින්විය හැකි බවද, ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ඊසාන දිග ප්‍රහාරයේ සැලසුම් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම බියරි විසින් සිදු කරනු ලැබීම නිසා ඔහුට මෙම ඉරණම අත් වූ බවද ඊශ්‍රායලයේ ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රික්ස් ප්‍රකාශ කළා.