31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් අත්අඩංගුවට

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙකු වන බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නමැති පුද්ගලයාව අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළු වෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවසුවා.

මෙම සැකකරු 33 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. අද අලුයම 04.00 ට සාජා සිට එයාර් ඇරබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙනුයි මොහු ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

එහිදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්, ආගමන විගමන නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්පසුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය වෙත සැකකරුව රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මත්ද්‍රව්‍ය අලෙවිය සහ කප්පම් ගැනීම මෙන් ම කෙහෙල්බද්දර පද්මෙගේ පියා වන නෙවිල්ගේ ඝාතනයට සහ දුනුමාලේ සරත්ගේ ඝාතනයටද සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.