29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (01) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා. මෙම පනත් කොටුම්පත පසුගිය ඔක්තෝබර් මස 18 වනදායි පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් අනතුරුව සම්මත වූයේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) යන පනත් කෙටුම්පත සඳහා ද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා. මෙම පනත් කොටුම්පත පසුගිය ඔක්තෝබර් මස 17 වනදායි පාර්ලිමේන්තුවේ සම්මත වූයේ.

ඒ අනුව 2023 අංක 25 දරන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) පනත සහ 2023 අංක 26 දරන ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත වශයෙන් මෙම පනත් දෙක අද (01) සිට බලාත්මක වනු ඇති.