30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාතාල කෙරුමෙකුගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

පාතාල කෙරුමෙකුගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

මෙම වසරේ අගෝස්තු මස 04 වැනිදා කඳාන පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කඳාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේදීයි මෙම වැටලීම සිදු කළේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක් සමග යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායිහි රැඳී සිටින වැලිඔය ප්‍රියන්ත යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයෙකු බවටත්, හෙතෙම ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කළ හිටපු යුද හමුදා සෙබලෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඳාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.