ඩීසල් මිල ඉහළ දැමුවද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (01) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන මිල පිට පිට තෙවරක් වැඩි වුවද සිය සංගමය ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ බවයි.
ඉන්ධන මිල මෙසේ වැඩිවුවත් ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන්නේ දෙමාපියන් ළමයින්ගේ ආර්ථික පසුබිම සලකා බවයි ඔහු එහිදී අවධාරණය කළේ.
දිගින් දිගටම මෙසේ ඉන්ධන මිල වැඩි කරන්නේ නම් සිය සංගම්වලට පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැති බවත් එසේ වුවහොත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවත් සඳහන් කළේය.