― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල් කියන්නේ ගුණමකුවෙක් නෙවෙයි - බස් ගැමුණු

රනිල් කියන්නේ ගුණමකුවෙක් නෙවෙයි – බස් ගැමුණු

ජනපති රනිල් යනු ගුණමකුවෙක් නොවන බවත් අද ජනපති පුටුවේ රනි නොඉඳ වෙන අයෙක් සිටියේ නම් පොහොට්ටුවේ ගොඩක් අයට සිරබත් කෑමට සිදුවන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමනවාද නැද්ද යන්න ප්‍රකාශයට පත්කිරීම සඳහා අද (01) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

රනිල් ජනපති නොවී ජනපති පුටුවේ වෙන කෙනෙක් හිටියා නම් අද වෙද්දි පොහොට්ටුවේ ගොඩක් අය හිරබත් කනවා. ඒක නිසා ජනපතිට දොස් කියන්න එපා. රනිල් කියන්නේ ගුණමකුවෙක් නෙවෙයි. පොහොට්ටුවේ මේ කණ්ඩායම නිසා එතුමාටත් අද වැඩක් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒක බරපතල ගැටලුවක්. දැන් අපිටත් මේ ප්‍රශ්නෙට මුහුණදෙන්න වෙලා. ඒක නිසා අපි කියන්නේ පරණ දේශපාලනය නම් කරන්න ලෑස්තිවෙන්න එපා. අපි ඒකට ඉඩදෙන්නේ නෑ.