27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ වර්ජන නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙයි

වැඩ වර්ජන නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙයි

දිවයින පුරා මේ දිනවල පවත්වන වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු විය හැකි බවත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් ලබාදෙන බදු මුදල් වැඩ වර්ජනවලින් විනාශ කර නොගන්නා ලෙසයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරමින් සමස්ථ ජනතාවටම සහන දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් මේ මොහොතේ සේවක වැටුප් වැඩි කිරීමේ කාර්යභාරයට වෘත්තීය සමිති සහයෝගය දිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හි යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් එම වැටුප් ගෙවීම සිදුවනු ඇති බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ රජයේ සේවකයන්ගේ ආයතනවලින් ආදායම් උපැද්දවීමක් නොකළත් පරිපාලනමය අවශ්‍යතා සඳහා රටක රාජ්‍ය සේවය යොදා ගත යුතුව ඇති බවයි.