24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සේවකයන් අද දැවැන්ත වර්ජනයක

විදුලි සේවකයන් අද දැවැන්ත වර්ජනයක

ලංකා විදුලි සේවක සංගමය අද (01) දහවල් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

විදුලි සම්ප්‍රේෂණ පද්ධති විදෙස් සමාගම්වලට පැවරවීමේ සූදානම සහ අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාවේ නියැලෙන්නේ.

ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සිය සංගමයේ සියලු නියෝජිතයින් ලංකා විදුලිබල මූලස්ථානය ඉදිරිපිටට රැස්ව එම විරෝධතාව පවත්වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පැවසුවේ.