30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙරි මතින් ගින්න නිවන්න ආ රියදුරා අත්අඩංගුවට

වෙරි මතින් ගින්න නිවන්න ආ රියදුරා අත්අඩංගුවට

අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් මුළු වෙළෙඳසැලම විනාශයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේදී මෙම ගින්න හටගෙන ඇති බවයි. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි විසිතුරු භාණ්ඩ අලෙවිසැලක්.

මෙහි වීදුරු උපකරණ, විද්‍යුත් සහ ප්ලාස්ටික් භාණ්ඩ රැසක් ද තිබී තිබෙනවා. කෙසේවෙතත් ගින්න හටගැනීමත් සමග ප්‍රදේශයේ නගර සභාවේ ගිනි නිවන ඒකකය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වීම නිසා ඊයේ රාත්‍රියේ ගිනි ගත් වෙළෙඳසැල ඉදිරිපිට නොසන්සුන්තාවක් ද හට ගැනුණා.

ගම්වාසීන් චෝදනා කළේ නිසි වේලාවට ගින්න නිවා දැමීමට නගර සභාවේ ගිනි නිවන ඒකකය ක්‍රියාත්මක නොවුණු හෙයින් සිදු වූ අලාභ හානිය දැවැන්ත බවයි.

මේ හේතුවෙන් අම්පාර පොලිසිය විසින් ගිනි නිවීමට ප්‍රමාද වී ආ ගිනි නිවන රථයෙහි රියැදුරුවරයා සහ තවත් සේවකයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පසු ව ඇප මත මුදා හැර තිබෙනවා.

ගින්න නිවීමට ගිනි නිවන රථය පැමිණෙන විටත්, එහි රියදුරු බීමත්ව සිටි බවත් හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.