29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහදිසි ඖෂධ මිලදී ගැනීම් නවතන්නැයි උපදෙස්

හදිසි ඖෂධ මිලදී ගැනීම් නවතන්නැයි උපදෙස්

හදිසි මිලදී ගැනීම් අත්හිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සමග අද (01) පැවති සාකච්ඡාවකදීය.

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසයි අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ.

එසේම දැනට හිඟව පවතින ඖෂධ කඩිනමින් නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.