― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැටන් - බලංගොඩ මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

හැටන් – බලංගොඩ මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බලංගොඩ – දෙතනගල රක්ෂිත ජල පෝෂක ප්‍රදේශයට අද අලුයම තෙක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි.

පස් සමග අසල තිබූ ගල්ද මාර්ගයට පෙරළී තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවත් සඳහන්.

එම මාර්ගයේ මාරතැන්නවත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවට ද වාර්තා වනවා.

දෙතනගල රක්ෂිතය හරහා පිහිටි හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ වර්ෂාව පවතින කාලය තුළ ප්‍රධාන මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.