― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

3000ක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේදී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බවයි.

නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

‘අලුත් ගමක් – අලුත් රටක්’ ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් අවස්ථාවේදීයි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.