26.6 C
Colombo
Sunday, December 3, 2023

ණය බේරුම් ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට වේගවත් ප්‍රගතියක්

අභියෝග මධ්‍යයේ වුවද සෙසු රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටරත් තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැපවන බවයි. එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ හතර වැනි සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබාගැනීමේ ගැටලුවකට මුහුණදීමට සිදු වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

පසුගිය සමයේ ඇති වූ ණය අර්බුදයත් සමඟ එම තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව සහනදායී මූල්‍යකරණය යටතේ ආයෝජන අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීම වැදගත් බව ද ඔහු පැවසුවා.

ණය පීඩනයෙන් ස්ථිර ලෙස මිදීමට ණය නොවන ප්‍රතිපාදන ලැබීමේ මාර්ග පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකය සමඟ ආර්ථක සම්බන්ධතා පුළුල් කරමින් විශාලතම ආර්ථික ප්‍රදේශයවන නැගෙනහිර ලෝකය සමඟ ආර්ථික හවුල්කාරීත්වයකට සූදානම් වන බවයි.

අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර පෞද්ගලික අංශය සඳහා වැඩි ආයෝජන අවස්ථා විවෘත වන විට බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු, හවුල්කරුවන් ඊට සහය දැක් විය යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

එමඟින් ආයෝජකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සිය යෝජනාව වන්නේ තනි තනිව රටවල් සංවර්ධනය කිරීම සඳහා තරග කිරීම වෙනුවට සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නංවාලීම සඳහා කලාපීය සංවර්ධනය ඇති කිරීම බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ සමුළුව තායිලන්තයේ බැංකොක් නුවර දී ඊයේ (01) ආරම්භ වූ අතර එය හෙට (03) දිනය දක්වා පැවැත්වෙනවා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here