26.6 C
Colombo
Sunday, December 3, 2023

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව අද පිටියට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (02) පැවැත්වෙනවා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රි තරගයක් ලෙසයි.

අද තරගයට ධනංජය ද සිල්වා වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වන බවටයි තොරතුරු වාර්තා වුණේ. ලෝක කුසලාන තරගය ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද මුණගැහෙන්නේ 10 වන වරට වන අතර, මීට පෙර මුණගැසුනු අවස්ථා නවයේදී ඉන්දියාව තරග පහක් සහ ශ්‍රී ලංකා තරග තුනක් ලෙස ජයගෙන තිබෙනවා.

ඉන් එක් තරගයක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි. අද පැවැත්වෙන මෙම තරගය ඉන්දියාව ජයගතහොත් මෙවර ලෝක කුසලානයේ සුපිරි හතර දෙනා අතරට එකවන පළමු කණ්ඩායම බවට පත්වෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගය එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදල වෙනුවෙන් වෙන්කර තිබීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී කළු පටියක් පැළැද තරග බිමට පිවිසෙන අතර ඒ මෙරට සිටි ජනප්‍රියම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකරගේ අභාවයට ශෝකය පළකිරීම වෙනුවෙන්.

අද තරගය පැවැත්වෙන මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම එක්දින තරග විස්සක් ක්‍රීඩාකර ඉන් තරග 11ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම ක්‍රීඩාංගණයේදී එක්දින තරගය පහකට මුහුණ දී ජයගෙන ඇත්තේ තරග තුනක් පමණයි. මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන අවිනිශ්චිත තත්ත්වයක තිබෙන මොහොතක වුව ද අද දිනයේත් මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් රූපවාහිනී තිරය ඉදිරිපිට හිදගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here