― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනියම් පෙමක් නිසා බිරිඳගේ ගෙල කපා සැමියා පැන ගිහින්

අනියම් පෙමක් නිසා බිරිඳගේ ගෙල කපා සැමියා පැන ගිහින්

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් පොතුපිටිය, රඹුක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ අද (02) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක ඒ.වී.ජී. ප්‍රේමලතා නැමැති කාන්තාවක් වන අතර අපරාධය සිදුකළ සැමියා වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.

මොවුන්ට දරුවන් තිදෙනෙක් ද සිටින අතර අපරාධය සිදුකළ සැකකාර සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මියගිය කාන්තාව අවස්ථා කිහිපයකදීම පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පසුව ඔහුට විවාහක කාන්තාව සමඟ වාසය කරන ලෙස අධිකරණය නියෝගයකින් දන්වා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (02) දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙළ කපා මෙලෙස ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.