― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්දීය මුදල් ඇමතිනිය නැගෙනහිර පළාතේ සංචාරයක

ඉන්දීය මුදල් ඇමතිනිය නැගෙනහිර පළාතේ සංචාරයක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ (01) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා.

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන්ගේ ආරාධනයකට අනුවයි.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ පූජාවන් සඳහා ද එක්ව තිබෙනවා.

මේ අතර ඊයේ දහවල් මහනුවර ගිය ඇය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ද ලබා ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද නිර්මලා සීතාරාමන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඊයේ (01) දිනයේ දිවයිනට පැමිණියා.