අධිවේගී මාර්ගයට රථයක් ඇතුළු කළාට පස්සේ කිසිම වාහනයකට අතරමඟ නවත්තන්න බෑ කියලා ඔබ දැනටමත් දන්නා කාරණාවක්.
නමුත් පසුගිය 30 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුරේ සිට මාතර බලා යන බස් රථයක් නීති අමු අමුවේ උල්ලංඝනය කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. රියදුරා දුරකථන සංවාදයක යෙදෙමින් ධාවනය කරනවා විතරක් නෙවෙයි අධිවේගී මාර්ගයෙන් රථය පිටතට දැමීමට (Exit) පෙර මගියෙක් රථයෙන් බස්සවනවා.
ඉතින් මේ වීඩියෝව අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත නිලධාරීන්ගේ අවධානය පිණිසයි.