27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියාගේ පහරදීමෙන් සිත් තැවුලට පත් දැරිය සියදිවි නසාගනී

පියාගේ පහරදීමෙන් සිත් තැවුලට පත් දැරිය සියදිවි නසාගනී

පියා විසින් පහර දුන් බව කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) පස්වරුවේ සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තලවකැලේ, වටගොඩ වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි අවුරුදු 15ක පාසල් සිසුවියක් බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.

මෙම සිසුවියගේ මව රැකියාවක් සදහා විදේශගතව සිටින අතර පියාගේ පහර දීමෙන් සිත් තැවුලට පත් සිසුවිය සාරියක් භාවිත කරමින් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.